මොකක්ද මේ OOP කියන්නේ?

OOP කියන්නේ Object Oriented Programming කියන එක. මෙය Programming Language එකක් නෙමෙයි. මෙය Concept එකකි.


මොකටද මේ OOP ?  

ඉස්සර කාලේ Programming කරනකොට එකම File එකක Codes ලක්ෂ ගානක් ලියන්න උනා. එතකොට පේළීයක Error එකක් ආවොත් එය සොයා ගැනීමට Programmer ට ලොකු මහන්සියක් සහ කාලයක් වැය වේ. ඒ වගේම කලින් හදපු Program එකකට අලුතින් කොටසක් එකතු කරන්න සිද්දවුනොත් එයට ද ලොකු  කාලයක් ගත වේ. මේ ගැටලුවට විසදුමක් ලෙස OOP කියන Concept එක ගොඩනැගුනි..


 
මොකක්ද මේ Concept එක ?
 
Code Lines ලක්ෂ ගානක් එකම File එකක ලියන එක වෙනුවට පොඩි පොඩි කොටස් ( Object ) වලට කඩාගෙන වෙන වෙනම Program කරන එක තමා සරලව මේ Concept එකේදි කරන්නේ. ඉන් පසු Main Program එකක් සාදා වෙන වෙනම Program කරපු සියල්ල Main Program එකට Join කරනවා..
 
ඉතින් එතකොට මොකක් හරි Error එකක් තිබුනොත් Programmer ට බලන්න තිබෙන්නේ එයට අදාළ කොටස පමණි. එම නිසා Programmer ගේ මහන්සිය වගේම කාලයත් ඉතුරු කරගත හැකි.

අලුතින් කොටසක් එකතු කරන්න උනොත් කරන්න තියෙනේ ද කලින් කරපු ආකාරයටම වෙනම කොටසක් Develop කර Main Program එකට Join කිරීම පමණි. ඒ වගේම දැනට තියන කොටසක් අයින් කරන්න උනත් අදාළ කොටස සොයා ඉවත් කර ගතහැක...

ඉතින් මේ Concept එක නිසා Program එකක් Develop කිරීමට ගතවන කාලය ඉතිරි උනා. මේ නිසා Software නඩත්තු කරන්න ( Maintenance) යන වියදම ද අඩු කරගත හැකි උනා...



Copyright © 2022 All Right Reseved